Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
09
මම පිරිමින්ට වැඩිය කැමැති නැහැ ,අඩුවෙන් ඇඳුම් අඳින්න ආසයි - පූනම් පාන්ඩේ

poonam pandey interview shaa gossip - මම පිරිමින්ට වැඩිය කැමැති නැහැ ,අඩුවෙන් ඇඳුම් අඳින්න ආසයි - පූනම් පාන්ඩේShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

16,504 Views
පූනම් පාණ්ඩේ ඉන්දියානු ජාතික නිරූපිකාවක් වගේම සරාගී රංගනයන්හි නිරතවන බොලිවුඩ් නිළියක්. 2011 වසරේ පැවැති විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය ඉන්දියාව ජයග්‍රහණය කළොත්, තමන් නිරුවතින් මහමග ගොස් එහි ප්‍රීතිය සමරන බවට කළ අනාවැකිය හේතුවෙන් ඇය එක රැයකින් ලොවක් කතාබහට ලක්කරන තරුවක් බවට පත් වුණා.
ඉන්දියානු සඟරාවක් කළ සාකච්ඡාවකදී ඇය දිගින් දිගටම පවසා සිටින්නේ තමන් ප්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවියක් වන, ෆෙස්බුක් යන තැනැත්තියක මෙන්ම, සමාජ ජාල වෙබ් අඩවි නැති ලෝකයක් ගැන තමන්ට සිතා ගන්නට පවා නොහැකි බවයි.

ඔබ සතු සුවිශේෂම ඇබ්බැහිවීම් මොනවද....?

මම සෙල්ෆි ගහන්න ඇබ්බැහි වෙච්ච කෙනෙක්. කෑම කනකොට, නානකොට, නින්දට යනකොට මම මගේම පින්තූර ගහගන්නවා. මම —පූනම් පාණ්ඩේ˜ කියන මටම වශීවෙලා ඉන්නේ. ඒකයි නිතරම පින්තූර ගහන්නේ.


රංගනය ගැන ඔබේ ඉදිරි සැලසුම් මොනවද....?

මගේ රංගන හැකියාව මොනවගේද කියලා අදහසක් ඇත්තටම මට නැහැ. සාමාන්‍යයෙන් මම රඟපෑ දෙයක් තිරයේ විකාශය වෙද්දී මට මගේ ගැන සතුටක් ඇති වෙනවා.

ඔබ කැමැති මොනවගේ වැඩ භාර ගන්නද....?

සුපර් ස්ටාර් නළුවෝ එක්ක ගස් වටේ දුව දුවා රඟන්න නම් මම කැමැතිම නැහැ.... මම වැඩිහිටියන්ට විතරක් සුදසු චරිත රඟපානවා කියලා අදහසක් ඒකෙන් කියැවෙන්නේ නැහැ.... මම කැමැතියි වෙනස් වෙනස් චරිත ටිකක් අත්හදා බලන්න.

ඔබ කැමැති මොන විදියේ පිරිමින්ටද....?

මම පිරිමින්ට වැඩිය කැමැති නැහැ..... ඒක පුංචිම කා‍ලේ මම මුහුණ දීපු සිදුවීමක් නිසා ඇතිවෙච්ච ආකල්පයක්.

කැමැති නැද්ද අපට ඒ සිදුවීම කියන්න....?

‍පොඩි කා‍ලේ ඉස්කෝලෙදී මම පිරිමි ළමයකුට ආදර යෝජනාවක් කළා. ඒ ළමයා බයවෙලා ඒ වෙලාවෙම පන්තියේ ගුරුතුමියට ඒ ගැන පැමි‚ලි කළා. මට පිරිමි අය එපා වුණේ අන්න එදා.

හොඳ ගැහැනු පිරිමි සම්බන්ධතාවක් ඔබ අර්ථ දක්වන්නේ කොහොමද....?

හොඳ සම්බන්ධතාවක් කියන්නේ හැම අතින්ම 100 ක් ගැළපෙන දෙන්නෙක් එකට එකතුවීම ‍නෙවෙයි. බොළඳ වැඩ තියෙන්න ඕන ආදරේ ඇතුළේ.... අවංක වෙන්න ඕන.... ඇත්තටම රණ්ඩු නැති ආදරේ හොඳ මදි... රණ්ඩු වෙන එක හරියට කෑමකට ලූ‍ණු දානවා වගේ...

ඔබ කොහොමද ඇඟ හැඩට තියාගෙන ඉන්නේ....?

කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ මගේ කෑම පුරුදු ගැන. මම මෙහෙම හිටියට සෑහෙන්න පිටි කෑම කන කෙනෙක්. මම පීසා සහ බර්ගර් වර්ග කන්න හරි ආසයි. තෝරන්නේ බේරෙන්නේ නැතිව මම කනවා. ඒත් දෙයියනේ කියලා දෙවියන් වහන්සේ කරුණාවන්තයි. එයා මාව මහත් කරන්නේ නෑ...


නිරෝගීතාව වෙනුවෙන් ඔබ මොනවද කරන්නේ....?

මම භාවනා කරනවා. යෝග ව්‍යායාම කරනවා. ඉඳලා හිටලා ජිම් එකට යනවා. වතුර බොනවා. එච්චරයි.

ඇඟ පේන්න විලාසිතා කරලා මොනවගේ සතුටක්ද ඔබ ලබන්නේ....?

මේ දවස්වල පුදුම රස්නයක් තියෙන්නේ. ඒ නිසා මම අඩුවෙන් ඇඳුම් අඳින්න ආසයි. කොහොමත් ටිකක් වැඩිපුර ඇඟ පේන විලාසිතා කරලා පින්තූර ගන්න මම කැමැතියි.

සමාජ ජාල වබේ අඩවිවලට පින්තූර මුදාහරින්නේ කිසියම් සැලසුමකට අනුවද....?

කොහෙත්ම නැහැ.... හිතෙන හිතෙන වෙලාවට මං ඒ දෙය කරනවා.

ෆේස්බුක් පින්තූරවලට හොඳ හොඳ ප්‍රතිචාර ලැඛෙනවා නේද....?

ඔව්… ඔව්. මගේ ෆෙස්බුක් තීරය එක එක්කෙනාගේ කොමෙන්ට්ස්වලින් පිරිලා යනවා.

ඔබ මුදාහරින කාමුක පින්තූර නිසා ඔබට විවිධ ඇරියුම් ලැඛෙනවා ඇති....?

ඔව්. ‍පොඩි ‍පොඩි වීඩියෝ චිත්‍රපට 30-40 ක් මම දැනට ප්‍රතික්‍ෂේප කරලා ඇති. ලැඛෙන හැම වැඩේම භාරගන්න මම පුරුදුවෙලා නැහැ...

සමාජ මාධ්‍යය කියලා එකක් තිබුණේ නැතිනම් පූනම් පාණ්ඩේ කියන නිළියට මොකද වෙන්නේ....?

එහෙම අසුබ කතා කියන්නවත් එපා. මම සමාජ මාධ්‍යයට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. සමාජ මාධ්‍ය නැති ලෝකයක් ගැන මට හිතාගන්නවත් බැහැ...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top