Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
24
ආදරේ කරද්දී වචනෙන් නොකියා හැගීම් හුවමාරු වෙන්නේ මෙහෙමයි

9 things no one tells you about falling in love shaa gossip - ආදරේ කරද්දී වචනෙන් නොකියා හැගීම් හුවමාරු වෙන්නේ මෙහෙමයිShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,639 Views
ඔබ, ඔබට වඩාත්ම ගැලපෙනම සහකරුවා හෝ සහකාරිය නියම වේලවෙදීම මුණගැහෙනවා නම් එය කොපමණ වටිනා දෙයක්ද. අපි කීයෙන් කීදෙනාටද එවැනි වාසනාවක් හිමිවී තිඛෙන්නේ. අපට වඩාත්ම ගැලපෙනම කෙනා වැරදි වේලාවක මුණගැහුනු අවස්ථා කොච්චර තියෙනවද?


මිනිසුන් වශයෙන් අපි සන්නිවේදනය පහසුකර ගැනීම සදහා භාෂාව යොදාගනු ලබනවා. අපි භාෂාව උපයෝගී කරගන්නවා අපේ ආදර”යයන් සමග කතාකරන්න. අපි ගැන ඔවුන්ට කියන්න. ඔවුන්ගේ දේවල් අහගන්න. නමුත් ඔබ දන්නවාද වඩාත්ම එකිනෙකාට මැච් වෙන කපල් වලට පුලුවන්ලු එකදු වචනයක්වත් කතානොකර එකිනෙකාව තේරුම්ගන්න.

අපි බලමු එවැනි අවස්ථා 9ක් ගැන.

1. එකිනෙකා ඇතුලාන්තයෙන්ම කතා කරනා අවස්ථාවන්
යම්කෙනෙක් යම් දෙයක් පවසන විට, එදෙයට අදලව යම් යම් මතකයන් ඔවුනට ආවර්ජනය වනවා නම් ඔවුන් මොනවද කරන්නේ? මොහොතකින් එකිනෙකාගේ ඇස් දිහා බලනවා. අත්දෙක හිමිට පටලව ගන්නවා. කොනිත්තනවා. කකුලෙන් හිමිහිට තට්ටුවක් දානවා. මේවගේ අවස්ථාවන්ට ඔයාලත් මුහුණදීලා ඇති නේද?

2. ඔවුන්ගේ ඇස් එකිනෙකාට යාවෙන විටම … අවශ්‍යතාවය තේරුම්ගන්නවා
එකිනෙකාට සුන්දර වදන් කියලා පොලඹවා ගැනීමට අවශ්‍යවන්නේ නැ. තමන්ගේ සහකරු හෝ සහකාරියට අවශ්‍ය කිස් එකක් බව නිරායාසයෙන්ම වැටහෙනවා. වැඩේ පටන්ගන්න විතරයි තියෙන්නේ

3. තමන් දුකින් සිටිනාබව පැවසීමට අවශ්‍යවන්නේ නැහැ
දෙදෙනාගෙන් එක් අයෙකු දුකින් සිටිනම් ඉතා ඉක්මනින් අනිකාට දැනෙයි. ඇත්තෙන්ම, එක් අයෙක් දුකින්නම් අනිකාට කිසිම සතුටක් දැනෙන්නේ නැත. තම සහකරුවා හො සහකාරිය තමාගේ දුක අවබෝධකර ගනී නම් ප්‍රශ්නවලට මුහුණදෙන්න කොච්චර ලේසිද.

4. කොපමණ විවාද කරගත්තත්, ඔවුන්ගේ සටන ඔවුන් නොමැතිවම අවසන්වේ.
සමහර වෙලවට ඔවුන් එකිනෙකා සැර වචන පවිච්චිකරමින් කොච්චර රන්ඩුවෙනවද. නමුත් ඒ රන්ඩුව ඉවරවුන විදිය කාටවත් මතක නැත.  එක ආදර වදනකින් එක වැලද ගැනීමකින් නැත්නම් වෙනත් කතාවකින් ඒ රන්ඩුව අවසාන වී ඇත. ඔවුන් කිසිම දෙයක් හිතේ තබාගෙන ඉදිරියට රැගෙන යන්නේ නැත.

5. උත්තරය දන්න නිසා ප්‍රශ්න අහන්න අවශ්‍ය නැත
සමහර වේලාවට දෙදෙනාම දන්නවා ඊලගට අහන ප්‍රශ්නයට ලැඛෙන පිලිතුර මොකක්ද කියලා. උදාහරණයක් විදියට  ඔහු පවසනවා අද යලුවෙක්ගේ පාටි එකකට යනවා කියලා. ඔහුට අවශ්‍ය නැහැ අද මම යළුවෝ එක්ක පොඩ්ඩක් ිැඑ වෙනවා කියලා කියන්න. ඒ ප්‍රශ්නයට පෙර බොහෝවිට ලැඛෙන පිලිතුර තමයි ර්‍ණතමන්ගේ ලිමිට් එකට කරන දෙයක් කරලා ඉක්මණට ගෙදර එන්න”.

6. ඔවුන් එකම වෙලාවට එකමදේ කීම
සමහර අවස්ථාවල ඔවුන් යමක් කීම හෝ යමක් අසන අවස්ථාවේදී දෙදෙනාම එකවර එකම දෙය කතාකිරීම. මෙය ගොඩාක් මැච් වෙන න්ච්ක වලට නිතර වෙන දෙයක්ලු.

7. සහකරුවා හෝ සහකාරියගේ වුවමනාවන් තේරුම්ගෙන එවා සපුරාගැනීමට උදව් කරයි
මට මේක කරගෙන යන්න උදව් කරන්න කියා උදව් ඉල්ලන්නට අවශ්‍ය නැත. නිරායාසයෙන්ම එකිනෙකා අනෙකාගේ වුවමනාවන් තේරුම්ගෙන එකිනෙකා උදව් කරගනී. එසේ කරගැනීමෙන් තමන්ගේ අරමුණු කාරා සාර්ථකව දෙදෙනාම ගමන් කරයි.

8. නිරායාසයෙන්ම කැපකීරිම් සිදුවේ
එකිනෙකා වෙනුවෙන් කැපකිරීමක් සිදුකීරීමට සකච්ඡා කලයුතු නැත. නිරායාසයෙන්ම අනිකා වෙනුවෙන් කැපවේ. එක් අයෙකුගේ සංතෝෂය වෙනුවෙන් අනෙකා යම්දෙයක් අතහරී. ර්‍ණඔයා ඔයදේ කලොත් මට මේ දෙවල් නැති වෙනවා. එ නිසා ඔය දෙවල් කරන්න එපා” මෙවැනි දෙබස් ඔවුන් අතර නැත.

9. ආදරය තුලින් දෙදෙනා වටහා ගැනීමට උත්සහාකරයි.
ඔවුන් ඛෙදාහදාගන්නා අත්දැකීම්, මතකයන් සහ අමාරු කාලවලදී මුහුණදෙන ආකාරය මත ඔවුන් එකිනෙකා වටහාගනී.  ඒ තේරුම් ගැනීම වචන වලින් ප්‍රකාශ කල නොහැක. එය මනුෂ්‍යයින් ලෙස අපට උරුමවු ශක්තියකි.

බොහොවිට අද සමාජයේ අපට දක්නට ලැඛෙන්නේ ආදරයට වඩා අත්මාර්ථකාමයයි. ර්‍ණඇය මට අහිමි වුවහොත් මට තව කව්රුවත් මුණගැහෙන්නේ නැත” ර්‍ණමම දන්න එකම පිරිමියා ඔහුය. ඒනිසා ඔහුගෙන් තොර ලොවක් මට නැත” මේවැනි දැ සිතමින් මිනිසුන් ආදරය කරන බව කියා මිනිසුන් තම ආත්මාර්ථය වෙනුවෙන් අනෙකාගේ ජිවිතය විනාශ කරයි. කොතෙකුත් නොගැලපුනත් ඔවුන්ට තමා අතහැර යන්නට නොදෙයි. නමුත් ආදරය යනු අත්මාර්ථයට එහා ගිය දෙයකි. එය අනෙකා වෙනුවෙන් කැපවීමයි, අනෙකාව තේරුම්ගැනීමයි. ඔබත් ඔබේ නියම ආදරය සොයාගන්න. ආත්මාර්ථකාමී ආදරය අතහැර දමන්න.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top