Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
23
ලොවක් හැඬ වූ බෙල්ජියම් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තයින් හෙළි වෙයි (Video)

New CCTV Video of Brussels Airport Terrorist Attack shaa gossip - ලොවක් හැඬ වූ බෙල්ජියම් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තයින් හෙළි වෙයි (Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,273 Views
බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයට එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය විසින් භාරගෙන තිබේ.

අන්තර්ජාලය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් මෙම සංවිධානය ත්‍රස්ථ ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව සඳහන්ය.

එම නිවේදනයෙන් අයි. එස් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරය සඳහා බ්‍රසල්ස් නගරය තෝරාගැනීම සීරුවෙන් සිදුකළ බවයි.

තම සංවිධානයට එරෙහිව ක්‍රියා කරන රාජ්‍යයන්ට එරෙහිව මෙම ප්‍රහාර දියත් කරන බව අයි. එස් සංවිධානය ප්‍රකාශ කර තිබේ.

මේ අතර බෙල්ජියම් ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි කිරීම් වලදී බ්‍රසල්ස් හි නවාතැන්පළක තිබී අයි. එස් සංවිධාන ධජයක් සහ රසායන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

බ්‍රසල්ස් නගරයට එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාරයෙන් 30කට අධික පිරිසක් මියගොස් 250කට අධික පිරිසක් තුවාල ලැබීය.
බෙල්ජියම් මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් සී.එන්.එන්. පුවත් සේවය පවසන්නේ බ්‍රසල්ස් නුවර සවෙන්ටම් ගුවන් තොටුපොළ පර්යන්තයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඉන් විනාඩි 79 කට පමණ පසුව මේල්බීක් මෙට්‍රෝ උමං දුම්රිය ස්ථානයක සිදුවූ පිපිරීමකින් තවත් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මෙය බ්‍රසල්ස් හි යුරෝපා සංගම් මූලස්ථානය ආසන්නයේ පිහිටි බවත් විදෙස් වාර්තා පවසයි.

ගුවන් තොටුපොළ ඉලක්ක කළ ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව මේ වනවිට ආරක්ෂක අංශ තහවුරු කර ඇති අතර, ප්‍රහාරයේ වගකීමද IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් බාරගෙන තිබුණි.

මෙට්‍රෝ දුම්රිය ස්ථානයට එල්ල වූ ප්‍රහාරයේදී උමං දුම්රිය තුළ සිටි 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව බ්‍රසල්ස් නගරාධිපතිවරයා පවසයි. ඔහු පෙන්වාදෙන පරිදි ඉන් 17 දෙනෙකුගේ තත්ත්වය බරපතලය.

මීට අමතරව, බ්‍රසල්ස් ගුවන් තොටුපොළේ තිබී භාවිත නොකරන ලද මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් සොයාගෙන තිබූ අතර, එහි තිබී තුවක්කුවක්ද හමුවූ බව බෙල්ජියම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම ගුවන්තොටු පොළ පිටවුම් පර්යන්තයේ සිදුවූ ප්‍රහාරයෙන් 14 දෙනෙකු මිය ගොස් 81 ට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් මගින් පවසා තිබුණි.

මෙම පිපිරීම් සමග ගුවන්ගමන් ඇතුළු බ්‍රසල්ස් නුවර සියලු මගී ප්‍රවාහන සේවා අත්හිටුවා ඇති අතර, යුරෝපා කලාපය යා කෙරෙන යූරෝස්ටාර් දුම්රිය ගමන්ද අත්හිටුවා ඇත.

පසුගිය නොවැම්බර් මාසයේදී IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් පැරිස් නගරයට එල්ල කළ ප්‍රහාරයේ මහ මොළකරුවෙකු ලෙස සැලකෙන සලාහ් අබ්දේසලාම් බ්‍රසල්ස් නගරයේදී අත්අඩංගුවට පත්ව දින හතරකට පසුව මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

"අප පසුකරමින් සිටින්නේ වඩාත් අසීරු හා අභියෝගාත්මක කාලයක්. මේ අභියෝගයට අපි එක්ව මුහුණ දිය යුතුයි" යනුවෙන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් බෙල්ජියම් අගමැතිවරයා පවසයි.

එමෙන්ම, මෙම ප්‍රහාරයෙන් පසුව විදෙස් නායකයන් ත්‍රස්තවාදය මුලිනුපුටා දමන බවට අවධාරණය කරන්නට වූ අතර, ඇමෙරිකානු ජනපති ඔබාමා, රුසියානු ජනපති පූටින්, ප්‍රංශ ජනපති හොලන්දේ, බ්‍රිතාන්‍ය අගමැති කැමරන් මෙන්ම, යුරෝපීය නායකයන් රැසක් වූහ.

බ්‍රසල්ස් යුරෝපා සංගම් මූලස්ථානය පිහිටි නගරය නිසා මෙම ප්‍රහාරය සමස්ත යුරෝපයම හෙල්ලුම් කෑ ප්‍රහාරයක් බවට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top