කාන්තාවන් කියන්නේ සැබවින්ම සංකීර්ණ ජීවින් කොටසක් – සහතික ඇත්ත… නමුත් නිතරම වගේ ඔවුන් කණගාටුවෙන් සිටින බව පෙනෙන්නේ කිසිවෙකු සිතීමකින් තොරව ඔවුන්ට කියූ දෙයක් නිසාම නොවේ, ඊට වඩා යහපත්, සැලකිය යුතු හේතුවක් නිසා වෙන්නත් පුළුවන්. අපි හදන්නේ ඔබට සහය වෙන්න.ඒ නිසා මේ list එකේ තිබෙන දේවල් වලින් ඈත්වෙලා ඒ ගැන කාන්තාවන් සමඟින් කතා නොකර ඉන්න එක හොඳයි කියලයි අපි හිතන්නේ…බලන්න ඔබත් එකඟයිද කියලා??
1. “කවදාද බබා ලැබෙන්න තියෙන්නේ?”
විශේෂයෙන් එය මුළුමනින්ම වාගේ පැහැදිලි නොවන අවස්ථාවන්හීදී. ඔබට එය සුළු වශයෙන් ගැබිණි තත්වයක් ලෙස පෙනුනද, සැබවින්ම එය කැලරි අධික ආහාර වැඩියෙන් භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් විය හැකියි. ඇය සැබවින්ම දරුවෙක් අපේක්ෂාවෙන් සිටිනවානම් ඔබ හා කතාබහ අතරදී එම කරුණද මතුවේවි, සහ ඔබ ඇයව හොඳින් දන්නවානම් ඔබ දන්නවා ඇයට ඇයගෙන් පෙනෙන මේ වෙනස ඇඟවිය යුත්තේ කුමන වෙලාවේදීද කියා. තත්වය එසේ නොවන වාතාවරණයකදී නම් සිතාබැලීමකින් තොරව ඇය මහත බව ඇයට පැවසීම නම් කොහොමත්ම හොඳ අදහසක් නම් නෙවෙයි…
2. “ඇතැම්විට පසුව ඔබේ ලේකම්වරිය වටහා ගනීවී”
Technically බැලුවොත් මෙය කාන්තාවන්ටම නම් නොවෙයි.නමුත් ඔවුන් වටාම මෙය පැවසෙනවා.බොහෝවිට එය පුදුම සහගත දෙයක් වන්නේ කාන්තාවගේ රැකියාව උපකල්පනය කිරීමේ ඇති වැරදිකාරි තත්වයක් හේතුවෙන්.ඔබ ඇයගේ භූමිකාව නොදන්නේ නම්, එය උපකල්පනය කරන්න එපා. Goldenම rule එක එයයි…
3. “ඔබට මහන්සි පාටයි”
මෙලෙස පැවසීම හොඳ දෙයක් විදියට ඔබ දකින්න පුළුවන්.නමුත් කියන්න කණගාටුයි…ඇය වෙහෙසට පත්ව සිටින බවක් ඇඟවීමෙන් දැනෙන්නේ ඇයගේ පෙනුම කිළිටි සහගත බවක්.එබැවින් ඔබ ඇයට පෞද්ගලිකවම සමීප අයෙකු සහ ඔබේ සැබෑ සිතුවිල්ල අව්‍යාජව ඉදිරිපත් කරනවා නම්,කරුණාකර මෙම වැකියෙන් ඉවත්වෙන්න…
4. “අනේ නංගි “
විහිළුවක් විදියට මහමඟදී හෝ යම් ඉල්ලීමක් සඳහා හෝ කාන්තාවක් මෙලෙස ඇමතීම ඇත්තෙන්ම සුදසු නැහැ. මෙවැනි වැකියකින් හැම කාන්තාවකටම වගේ දැනෙන්නේ පාරවල් අයිනේ සිටින රෝමියෝලා පොඩි අවධානයක් ගන්න තරඟෙට වගේ කරන දෙයක්.ඇත්තෙන්ම එය කාන්තාව කම්පනයට පත් කරනවා…
5. “මුකුත් නැහැ”
යමක් වෙනුවෙන් ඇය බලාපොරොත්තු සහගත වනවිටදී මෙය ඇත්තෙන්ම ඇදහිය නොහැකි පීඩාකාරී ප්‍රතිචාරයක්…විශේෂයෙන්ම, “ඔයා මොකක්ද කිව්වේ?” “ඔයා මොකද හිතන්නේ?” “ඒ මොකක් ගැනද?”ආදී වශයෙන් ඇය අපේක්ෂා කරන ගැටළු වලට.ඔබට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නැතිනම් එලෙස පවසන්න.මුකුත් නෑ කියලා නම් කියන්න හදන්න එපා…