Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
02
"ලොවක් මවිතකල පරාර්ථකාමී රග්බි ක්‍රීඩකයා" (වීඩියෝ සහිතයි)

SBW gives to a kiwi boy his Gold Medal Shaa Gossip - "ලොවක් මවිතකල පරාර්ථකාමී රග්බි ක්‍රීඩකයා" (වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,634 Views
 චාර්ලි ආරක්ෂකයන් අතරින් රිංගාවිත් සොනී බිල් විලියම්ස් වැලඳ ගැනීමට උත්සාහ කරයි....
ආරක්ෂකයාගේ ප්‍රහාරයෙන් චාර්ලි පිටිය මැද වැටුණත් සොනි වහා පැමිණ සිද්ධියට මැදිහත් වෙයි.
රග්බි ලෝක කුසලානය නිමාවීමත් සමග සිදු වූ විනාඩි 1.30ක  කාලයක සිදුවීම මිලියන ගණනක් ජනතාව මේ වන විට නරඹා ඇත.

එය ක්‍රීඩාවේ ජීවගුණය, මහත්මා ගුණය ලොවට  ප්‍රදර්ශනය කළ චිත්‍රපටයක දර්ශන රාමු කිහිපයක් විය. නවසීලන්තය තෙවැනි වතාවටත් රග්බි ලෝක කුසලානය ජයගැනීමෙන් පසුව කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ලැබුණු රන් පදක්කම නවසීලන්ත ක්‍රීඩකයන්ට වටිනා දෙයක් බව අමුතුවෙන් කිව යුතු නෑ.  රග්බි ලෝක කුසලානයක් තෙවැනි වතාවට හිමිකරගත් ලොව එකම හා පළමු කණ්ඩායම මෙන්ම අඛණ්ඩව රග්බි ලෝක කුසාලන දෙකක ජයගත් කණ්ඩායමද නවසීලන්තය වන හෙයින් ඔවුන්ට ලැබුණු කුසලානය හා පදක්කම් එම වටිනාකම් තව තවත් වැඩි කරන කාරණයක් විය.


කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩක සොනී බිල් විලියම්ස් තමන්ට ලැබුණ මේ අගනා රන් පදක්කම ප්‍රේක්ෂකයන් අතර සිටි තරුණ ප්‍රේක්ෂකයෙකුට කිසිදු ලොබකමින් තොරව පරිත්‍යාග කළේය.

චාර්ලි ලයින් නම් වූ නවසීලන්ත කණ්ඩායමේ තරුණ ප්‍රේක්ෂකයාට මෙම අගනා අවස්ථාව හිමිවිය.


තරගයෙන් අනතුරුව සිය ප්‍රේක්ෂකයන්ට උපහාර පිදීම සඳහා නවසීලන්ත කණ්ඩායම ටිවික්න්හැම් පිටිය වටා ගමන් කරමින් සිටින විට චාර්ලි ආරක්ෂකයන් අතරින් රිංගාවිත් සොනී බිල් විලියම්ස් වැලඳ ගැනීමට උත්සාහ කරයි. ආරක්ෂකයාගේ ප්‍රහාරයෙන් චාර්ලි පිටිය මැද වැටුණත් සොනි වහා පැමිණ සිද්ධියට මැදිහත් වෙයි.

පසුව ඔහු මෙම අගන්තුකයා ආරක්ෂකයන්ගෙන් බේරාගෙන ඔහු හා සාකච්ඡා පවත්වන අතර 30 හැවිරිදි විලියම්ස් පැවැසුවේ, තමන්ට චාර්ලි වෙනුවෙන් විශේෂ යමක් කිරීමට අවශ්‍ය බවයි.

 

චාලිගේ සමීපතයන් සිට පෙදෙසට ගිය ඒ විලියම්ස් සිය පදක්කම ගලවා දෙවරක් නොසිතාම චාර්ලිට පැලඳ වූයේ පැමිණ සිටි පිරිසකගේ ඔල්වරසන් මධ්‍යයේය. ඉන් අනතුරුව ඔහු හා ඡායාරූප කිහිපයක් ගන්නා විලියම්ස් පසුව කණ්ඩායම් සගයන් හා එක්වෙයි.

 රග්බි ලෝක කුසලානය නිමාවීමත් සමග සිදු වූ විනාඩි 1.30ක  කාලයක සිදුවීම මිලියන ගණනක් ජනතාව මේ වන විට නරඹා ඇත.

පදක්කම ලබාගැනීමේ ප්‍රීතිය චාලි හා ඔහුගේ සගයින් මහ ඉහළින් සැමරූ අතර අත්සනක් ලබාගැනීම වෙනුවෙන් ඔහු කළ උත්සාහයට වැඩි වටිනාකම් සොනී ලබාදීමට කටයුතු කළේය.

 
"තරුණ ප්‍රේක්ෂකයන් කොහොමද මන්දා පිටියට පැමිණියා. නමුත් ඔහු ආවේ මාව වැලඳ ගැනීමට. ඔහුව ආරක්ෂක නිලධාරීන් විසින් නැවැත්තුවා. ඔහු අට හැවිරිදියි. මම හිතනවා ඒ අවස්ථාව ඔහුට විශාල දෙයක් වෙන්න ඇති.  මම හිතුවා ඒක ඔහුට අමතක නොවන රාත්‍රියක් කිරීමට. මගේ ගෙදර පදක්කම එල්ලා තියෙනවට වඩා මට හිතුනා ඒක තරුණයාගේ ගෙලේ එල්ලන්න. ඔහුට ඒ කතාව තවත් කාලාන්තරයක් කිව හැකියි." විලියම්ස් මෙම සිදුවීම විස්තර කරමින් පැවසීය.


ඉන්අනතුරුව ඔහු චාර්ලි හා තමාගේ පිංතූරයක් ඉන්ස්ටග්‍රෑම් ජාලය හරහා ප්‍රසිද්ධ කරමින් පැවැසුවේ, කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න අවශ්‍ය එක දෙයයි. 'එයින් විනෝදවන්න චාර්ලි සහෝදරයා' (Enjoy it Charlie bro) යනුවෙනි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top