Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
23
"ඔරලෝසුවක් හැදුවට හිරේ දැම්ම මුස්ලිම් දරුවාට ඔබාමාගෙන් සහ සකර්බර්ග්ගෙන් ආරාධනා (වීඩියෝ සහිතයි)"

Irving MacArthur student arrested after bringing homemade clock to school - Shaa Gossip - "ඔරලෝසුවක් හැදුවට හිරේ දැම්ම මුස්ලිම් දරුවාට ඔබාමාගෙන් සහ සකර්බර්ග්ගෙන් ආරාධනා (වීඩියෝ සහිතයි)"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

24,677 Views
අහමඩ් මොහොමඩ් (Ahmed Mohamed) කියන්නේ අවුරුදු 14ක් වයස ඇමෙරිකාවේ ජිවත් වෙන මුස්ලිම් දරුවෙක්. ඔහු කුඩා කල සිටම විවිධ දෑ නිර්මාණය කිරීමට හපන්කම් දක්වනවා. ඔහු ඉගෙනුම ලබමින් සිටියේ Dallas උසස් පාසලේ. එය නගරයෙන් ඔබ්බට වන්නට පිහිටා තිබුනා. පසුගිය සඳුදා දින ඔහු සිය පාසලේ ඉංජිනේරු විෂය භාර ගුරුතුමාට තමන්ගේ මේ නිර්මාණය පෙන්වීම සඳහා එය පාසලට රැගෙන ගියා.......
බැලු බැල්මට මේ නව නිර්මාණය අනෙක් ඔරලෝසු වලට වඩා වෙනස්. යකඩ පෙට්ටියක් ඇතුලේ තිබ්බ මේ ඔරලෝසුව ඩිජිටල් තිරයක් , පරිපථ සහ වයර් වලින් පිරි තිබුණා. නිර්මාණය දුටු ගුරුවරයා සිසුවාගේ නව නිර්මාණයට ගොඩාක් කැමති වුණා. ඒ වගේම මේ නිර්මාණය අනෙක් ගුරුවරුන්ගෙන් වසන් කර තබාගන්නා ලෙසත් ඔහුට අවවාද කළා.

කොහොමහරි පාසැල පැවැත්වෙන අතරතුර ඉංග්‍රීසි ඉගැන්වෙන කාල පරිච්චේදයේදී අහමඩ් නිර්මාණය කල ඔරලෝසුව නාද වෙන්න පටන් ගත්තා. මේ පිළිබඳව විමසිලිමත් වූ ගුරුවරියට අහමඩ් ට තමන් ළඟ තිබූ නව නිර්මාණය පෙන්වන්න සිද්ධ වුණා. මේ ඔරලෝසුව දැක්ක ගමන් කලබල වුනු ගුරුවරිය වහා පාසලේ බලධාරීන්ට දැනුම් දුන්නේ පාසල තුලට බෝම්බයක් වැනි දෙයක් රැගෙන ඇති බවයි. පසුව පැමිණි පොලිස් නිලධාරින් මේ දරුවා පොලිසියට රැගෙන ගියේ මේ ගැන වැඩි දුර තොරතුරු සොයා බැලීමටයි.



සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් අහමඩ් පවසා සිටියේ තමන්ගේ ගුරුවරිය අවාසනාවකට මෙන් සියල්ල වැරදි ලෙස තේරුම් ගත බවයි. ඇයට හානියක් සිදු කිරීමට මෙය රැගෙන විත් ඇති බව සිතෙන්නට ඇතැයි අහමඩ් මාධ්‍යට පවසා සිටියා.

මේ සිදුවීම නිසා අහමඩ් ට දින තුනක පන්ති තහනම ක් ද පැනවුනා. ඔහුගේ නිර්මාණය රාජසන්තක කෙරුනා. මේ සිදුවීම වාර්තා වීමත් සමඟ ටෙක්සාස් හි (Texas) ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනෙක් මැසිවිලි නගන්නට වුයේ මුස්ලිම් අන්තවාදය යැයි පවසමින් මුස්ලිම් ජනයාට ආසාධාරණ ලෙස සලකමින් ඔවුන් දෙස සැකසහිත ලෙස බැලීමේ ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස මෙය සිදුවූ බවයි.
මේ සිදුවීම පිලිබඳ දැනගත් ඇමෙරිකානු ජනපති බැරක් ඔබාමා මහතා සිය Twitter ගිණුම හරහා “Cool clock ,Ahmed. “Want to bring it to the White House? We should inspire more kids like you to like science. It’s what makes America great.” ලෙස අදහස් පළකර සිටියා. මෙවැනි දරුවන් තමයි රටට අවශ්‍ය. කැමති ද ඔරලෝසුව අරන් ධවල මන්දිරයට එන්න? ඔබාමා සිය twitter පණිවිඩයේ සඳහන් කර සිටියා. ඒ වගේම Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගෙන් ද අහමඩ් ට ඇරයුමක් ලැබුණේ කැමති වෙලාවක Facebook කාර්යාලයට පැමිණ තමන් හමු වන ලෙසටයි. මේ සිද්ධියෙන් පසු අහමඩ් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.



මේ සිද්ධියෙන් පසු අහමඩ් මේ අගනා වැකිය ලෝකයේ ඉන්න සියලුම තරුණ නිර්මාණ කරුවන් වෙත පවසා සිටියා. ” ඔබගේ අරමුණු කරා යන්න. කිසිවෙකුටත් ඔබගේ මග වෙනස් කරන්න ඉඩනොදෙන්න.” (“Go for it,” he said. “Don’t let people change who you are.”)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top