Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
14
"මුවන් 60,000ක් මිය ගියේ ඇයි"(වීඩියෝ සහිතයි)

Massive Animal Die Off: 60,000 Antelopes Died In 4 Days and No One Knows Why - SHAA Gossip - "මුවන් 60,000ක් මිය ගියේ ඇයි"(වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,574 Views
ප්‍රබල වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා සිටින ඇන්ටිලොප් වර්ගයට අයත් සයිගා (saiga)මුවන් හැට දහසක් දින හතරක් වැනි කෙටි කාලයක් තුල මරණයට පත් වී තිබේ. මෙය සැබවින්ම සිදු විය හැකි ඛේදවාචකයක් ද ? පරිසරවේදියෙකු වන ස්ටෙෆන් සුතර් (Steffen Zuther) මහතාට අනුව නම් මෙය සිදු විය හැකි දෙයක්. ඔහු මේ සතුන් සම්බන්ධව පසුගිය මයි මාසයේ කටයුතු කළා. ඔහු මේ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ මියගොස් සිටින සතුන් පිළිබඳව දැනගන්නට ලැබී තිබෙනවා. නමුත් ඉන් පසුව සිදු වූ මෙවැනි සිද්ධියකට කිසිවෙකුත් සුදානම් ව විට නැහැ.....
දින හතරක් තුල මෙසේ ඇන්ටිලෝප් මුවන් මිය යද්දී කසකස්ථානයේ වෙනත් ප්‍රදේශ වලින් ද යම් යම් සිද්ධි වාර්තා වන්නට විය. මේ පිළිබඳව පශු වෛද්‍යවරුන් අසරණ වී ඇති බවක් දක්නට ලැබෙනවා. සමීක්ෂණ වාර්තා වලට අනුව මේ වසංගතය නිසා රටේ ජිවත් වූ 257,000ක් පමණ මේ වර්ගයේ සතුන් ගෙන් භාගයක් පමණ මියගොස් තිබෙනවා.

මේ තත්වයට හේතුව ලෙස සැලකෙන්නේ බැක්ටීරියාවක සීග්‍ර ව්‍යාප්තියයි. නමුත් පර්යේෂකයන් ට ගැටළුවක් වී තිබෙන්නේ හානිදායක නොවන බැක්ටීරියාවකින් මේ සතුන්ට මෙතරම් හානියක් සිදුවුණේ කෙසේ ද යන්න පිළිබඳව යි. සුතර් මහතා පවසන ආකාරයට මින් පෙර කිසිම අවස්ථාවක වෙනත් සත්ව කොට්ඨාශයක මෙවැනි විපතක් වාර්තා වී නෑ. වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටින මෙවැනි සතුන් කොටසක් මෙසේ මියයාම මේ සතුන් ගේ අවසානය කරා යාමක් වුව ද විය හැකි තත්වයක් මතු වෙමින් පවතියි. කසකස්ථානය හැරුණු කොට මෙවැනි සතුන් සුළු වශයෙන් රුසියාවේ දී සහ මොන්ගෝලියාවේ දී හමුවෙනවා.

මේ වසංගතය නිසා වන බලපෑම තවත් ප්‍රබල වී ඇත්තේ ගැහැණු සතුන් ගැබ් බර වන කාලය ද මෙය වන බැවනි. මේ බැක්ටීරියා ආසාදනය මව්කිරි වලින් පැටවුන් ට බෝවනවා. මේ රෝගකාරකය නිසා කුඩා පැටවුන් සහ මව් සත්වයන් ඉතා දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. මේ සතුන්ගේ මියයාමට හේතුව Pasteurella සහ Clostridia බැක්ටීරියා මගින් නිපදවන විෂ වර්ගයක් බවට අනාවරණය කරගෙන තිබෙනවා. මෙමගින් සතුන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගෙන් රුධිර වහනය වීම සිදුවනවා.

පසු ගිය සමයේ පැවති අධික ශීතල කාලගුණයත් ඉන්පසුව පවතී වැසි සහිත කාලගුණයත් සමග මේ බැක්ටීරියාව ව්‍යාප්ත වන්නට ඇතැයි සැක කරනවා. තැනින් තැන ජලය එකතු වීමෙන් බැක්ටීරියාව සීග්‍ර ලෙස ව්‍යාප්ත වන්නට ඇති බවට සැලකුවත් මේ නිසාම පමණක් සතුන් මිය යාමට නොහැකි බව Zuther මහතා පවසනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top