Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
31
"ඓශ්වර්යා නැවතත් එන සුපිරි චිත්‍රපටය - කැනේඩියානු නිළි ප්‍රියා බැනර්ජීගෙන් අභියෝගයක්"(Video)

Aishwarya Rai Bachchan is back - shaa gossip - "ඓශ්වර්යා නැවතත් එන සුපිරි චිත්‍රපටය - කැනේඩියානු නිළි ප්‍රියා බැනර්ජීගෙන් අභියෝගයක්"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

12,973 Views
කාලෙකට පස්සේ සුපිරි film එකකින් ආපහු කරලියට එන්න ඓශ්වර්යාසූදානම්.ඒ තවත් සුරූපිණියක් තමන්ට අභියෝගයක් වෙලා තියන වෙලාවක. තම දියණිය මැර කල්ලියක් විසින් පැහැරගනු ලැබූ පසු ඇයව බේරා ගැනීමට මව දරණ උත්සාහයක් වටා නිර්මාණය වන Jazbaa සිනමා පටය හරහා වසර 05ක කාලයක්සිනමා දිවියට සමුදී සිටි ඓශ්වර්යා නැවතත් සිනමාවට ප්‍රවිෂ්ට වී සිටිනවා.....
සන්ජේ ගුප්තා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමාපටය ඔක්තෝම්බර් මස 09 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා. මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවනු ලබන්නේ ඉෆ්රාන් ඛාන්, ප්‍රියා බැනර්ජී සහ ශබානා අස්මිය. Jazbaa චිත්‍රපටය 2007 වර්ෂයේදී තිරගත වූ කොරියානු චිත්‍රපටයක් වූ
"සෙවන් ඩේස්" චිත්‍රපටය නැවත හින්දි බසින් ප්‍රතිනිර්මාණය වීමක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Jazbaa හි තවත් සුවිශේෂත්වයක් වන්නේ කැනේඩියානු ජාතික නිළියක වන ප්‍රියා බැනර්ජී මෙහි ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වීමයි. ඇයගේ හින්දි සිනමා දිවියේ පළමු රංගනය මෙය වන අතර ඇය මෙහි නිරූපණය කරන්නේ ශබානා අස්මිගේ දියණියගේ චරිතයයි. ඇය මීට ඉහතදී රංගනයෙන් දායක වී ඇත්තේ තෙලිඟු සහ දෙමළ චිත්‍රපට සඳහායි. ඇගේ පළමු චිත්‍රපටය ලෙස දායක වී ඇත්තේ තෙලිගු චිත්‍රපටයක් වන Kiss චිත්‍රපටයටයි. කැනේඩියානු ජාතික නිළියක් වන ප්‍රියා බැනර්ජී හේතුවෙන් ඓශ්චර්යාගේ ප්‍රතිරූපයට කිසියම් බාධාවක් ඇතිවේයැයි චිත්‍රපට විචාරකයෝ අදහස් පළකර තිබෙනවා. එයට හේතුව වන්නේ ප්‍රියාගේ රූපකාය ඓශ්යිචර්යාට අභියෝගයක් එල්ල කරන බැවිනුයි.

ප්‍රියා බැනර්ජී විසින් රංගනයෙන් දායක වූ පළමු තෙළිඟු චිත්‍රපටය සඳහා 3rd South Indian Internationl Movie Awards හිදී Best Telugu Female Actress සම්මානයට උරුමකම් කී ඇය මෙවරත් හින්දි චිත්‍රපට වන Jabaaz තුළින් සම්මානයන් සඳහා උරුමකම් කීමට හැකියාවක් ඇති බවටද දැනටමත් අදහස් පළ වෙනවා. කෙසේවුවද මෙම චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වා ඇති මෙහි අධ්‍යක්ෂක වන සන්ජේ ගුප්තා පවසා ඇත්තේ, මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන ඓයිශ්වර්යා හා ප්‍රියා දෙදෙනා නිසාම මෙම චිත්‍රපටය ආදායම් වාර්තා අතරට යාමට හැකියාව ඇති බවයි. මේ වන විට Jazbaa චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය අන්තර්ජාලය වෙත මුදා හැර ඇති අතර, ඒ සඳහා විශාල ප්‍රතිචාරයක් හිමිව තිබෙයි. 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top