Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
24
"වින්ඩෝස් 10 භාවිතය මිලියන 27ත් ඉක්මවයි"

Microsoft Windows 10 User Reviews Shaa Gossips - "වින්ඩෝස් 10 භාවිතය මිලියන 27ත් ඉක්මවයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,131 Views
පසුගිය ජූලි 29වනදා ලොව පුරා රටවල් 190ක දී Microsoft සමාගම තමන්ගේ නවතම පාලන පද්ධතිය වන වින්ඩෝස් 10 ලොව පුරා බෙදාහැරිම ආරම්භ කළා. Windows භාවිතා කරන්නන්ගේ මෙන්ම වෙනත් මෘදුකාංග භාවිතා කරන්නන්ගේත් අවධානය මේ සඳහා යොමුවූයේ මේ නවතම පාලන පද්ධතිය windows 7 සහ 8 පාරිභෝගිකයන් වෙත නොමිලයේම ලබාදීමට කටයුතු කිරීම නිසායි. මේ නිසා බොහෝ දෙනෙක් නොයිවසිල්ලෙන් බලාසිටියේ මේ නව පාලන පද්ධතියේ අත්දැකීම විඳගැනීමට යි. වින්ඩොව්ස් 8.1 එතරම් ම සාර්ථක නොවීම නිසා මයික්‍රසොෆ්ට් සමාගම වින්ඩෝස් 10 පාරිභෝගිකයන් අතරට සාර්ථකව ගෙනයාම ඔවුන්ගේ ප්‍රධාන අරමුණක් වුණා.
කොහොම හරි ඔවුන්ගේ මේ බලාපොරොත්තු සඵල වන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ඒ කියන්නේ වාර්තා වෙන විදියට Windows 10 නිකුත් වෙලා දෙවෙනි සතිය ගත වෙන මේ මොහොත වන විට ලොව පුරා මිලියන 27ක පමණ දෙනා මෙය පරිහරණය කිරීමට යොමු වී ඇති බව දැනගන්නට ලැබෙනවා. එය වෙළඳපොලේ 3.78% ක පමණ ප්‍රමාණයක්. ඒවගේම එංගලන්තය තුල පමණක් මේ සති දෙකට වින්ඩොව්ස් 10 භාවිතය 7.56% ක අගයක් බවත් වාර්තා වෙනවා. මින් පෙර කිසිම අවස්තාවක වින්ඩෝස් පාලන පද්ධතියක් මෙතරම් වේගයෙන් ප්‍රචලිත නොවූ බවට තමයි දැනගන්නට ලැබෙන්නේ.

2013 අප්‍රේල් මාසයේ වින්ඩෝස් 8 මුදාහැරුණු අවස්ථාවේ එය මේ හා සමාන ව්‍යාප්තියක් ලඟා කරගැනීමට මාස 6ක පමණ කාලයක් ගතවී තිබෙනවා.


ඔබත් වින්ඩෝස් 7 හෝ 8.1 භාවිතා කරන ලියාපදිංචි පාරිභෝගිකයෙක් නම් වින්ඩෝස් 10 අත්දැකීම විඳගැනීමට ඔබටත් පුළුවන්. ඒ වගේම ආරංචි වෙන විදියට ඔබ windows 7 හෝ 8.1 හි ව්‍යාජ පිටපතක් භාවිතා කරන අයෙකු වුවත් ඇතැම් විට මේ නව යාවත්කාලින කිරීම සඳහා සුදසුකම් ලැබීමට පුළුවන්. ඉතින් Windows 10 ගැන ඕගොල්ලෝ හිතන දේවල් කියන්න අමතක කරන්න එපා. මේ බෙදාහැරීම නොමිලයේ සිදු කෙරෙන්නේ වසරක කාලයකට පමණක් බවත් මතක් කරන්න කැමතියි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top