Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
28
"ශ්‍රී ලංකාවේ අයි.එස්.ත්‍රස්තයාගේ බිරිද සහ දරුවන් පස්දෙනා රටින් පැනලා"

Sri Lankan ISIS member's family, gone abroad? shaa Gossip - "ශ්‍රී ලංකාවේ අයි.එස්.ත්‍රස්තයාගේ බිරිද සහ දරුවන් පස්දෙනා රටින් පැනලා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,629 Views
අයි. එස්. සංවිධානය සමඟ එක්ව සටන් වැදී මිය ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස සැලකෙන ගලේවෙල ප්‍රදේශයේ පදිංචි මූස්ලි ලිලම්දන් නැමැත්තාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් රටින් පළා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා....
අයි.එස්. සංවිධානය අබු සයිලානි ලෙස හඳුන්වා ඇති මුස්ලි ලිලම්දන් සිරියාවේ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බවට පසුගිය දා වාර්තා වුණා.
ඔහුගේ ජාතික හැඳුනුම්පතේ තොරතුරු ඔස්සේ පොළීසිය විමර්ශනයක් ආරම්භ කළේ ඉන් අනතුරුවයි. ඒ අනුව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මූලිකත්වයෙන් අදාළ පරීක්ෂණ දියත් කෙරුණා. එම පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ශ්‍රී ලාංකික අයි.එස්. සාමාජිකයාගේ බිරිඳ මෙන්ම දරුවන් 5 දෙනා පාකිස්තානයට නික්මී ඇති බවයි.

37 හැවිරිදි මොහුගේ උපන්ගම මහනුවර - වැරැල්ලගම වන අතර ඔහුගේ බිරිඳගේ පදිංචිය කොළඹයි. මූස්ලි ලිලම්දන් නමැති නම ඔහු භාවිත කර ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරන සමයේදියි.

2014 වසරේ දෙසැම්බර් පාසල් නිවාඩුවෙන් අනතුරුව පාසල ආරම්භවීමට පෙර මක්කම වන්දනාවේ යන බව පවසා ඔහු විදුහල්පති ධුරයෙන්ද ඉවත්ව ගිය බවයි මෙම පාසලේ අධ්‍යක්ෂවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට මීට පෙර කියා සිටියේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top