Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
15
" ලාංකිකයන්ට සමීප වූ සුරූපී Nozia Karamatullah" (Video)

Nozia Karamatullah shaa Gossip - " ලාංකිකයන්ට සමීප වූ සුරූපී Nozia Karamatullah" (Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

25,853 Views
පසුගිය කාලයේ මෙරට තුළ ඉතාමත් ජනප්‍රියත්වයට පත් NaguNagu ගීතයත් සමගින් එම තාලයට අයත් සිංහල ගීත කිහිපයක්ද බිහිවිය. NaguNagu ගීතයේ ගායිකාව වන Nozia Karomatullah ටජිකිස්තානු ජාතික තරුණියකි. ටජික් භාෂාවෙන් NaguNagu යනුවෙන් හැඳින්වෙන්නේ කැමතියි කැමතියි යන්නයි.......

1988 වර්ෂයේදී ටජිකිස්තානයේ උපන් ඇය ටජික් භාෂාවෙන් සහ හින්දි භාෂාවෙන් ගීත ගායනයට උපන් හැකියාවක් දක්වයි. ඉස්ලාම් දහමට උරුමකම් කියන මෙම රටේ මෙවැනි දක්ෂතා ඇති අයට ඉඩදීම යනු පුදුමයට කරුණකි. කෙසේ වුවද මැයගේ ගීත Youtube ජාලය ඔස්සේ බොහෝදෙනා නරඹා ඇති බවටද වාර්තා වේ.

මැයගේ පිය වන Karomatullo Qurbonov 1961 වර්ෂයේ උපන් ජනප්‍රිය පොප් ගායකයෙකු සහ ගීත නිර්මාණකරුවෙකි. 1992 වර්ෂයේදී ඔහු සහ ඔහුගේ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් Popular Front යන ආයුධ සන්නද්ධ සටන්කරුවන් විසින් ඝාතනය කරනු ලැබූ බව විදෙස් මාධ්‍යයේ සඳහන් වේ. එකල පැවැති ටජික් සිවිල් යුද්ධය හේතුවෙන් මෙවැනි ඝාතයක් සිදු වූ බවට මතයක් ගොඩනැගී ඇතැයිද සඳහන්ය.

ඔහුගේ එකම දියණිය වන Nozia Karamatullah මේ වනවිට ලෝකය පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත් ගායිකාවකි. 27 වැනි වියේ පසුවන ඇයගේ මෙම ජනප්‍රියත්වයට ඇගේ රූමත් බවද ඉවහල් වී තිබේ. මේ වනවිට ඉරානයේ, ඇෆ්ගනිස්ථානයේ සහ පාකිස්තානයේ ඇයගේ ගෘහස්ථ සංගීත ප්‍රසංග පවත්වා තිබේ. 2005 වර්ෂයේදී උපාධිය අවසන් කළ ඇය Malika Sobirova පාසලෙන් සංගීතය ඉගෙන ගෙන ඇත. ඉන්පසුව ඇය නවදිල්ලියේ Conservatory අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය සංගීතය සහ නැටුම් පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා තිබේ. ඉන්පසුව 2010 වර්ෂයේදී ඉන්දියාවේදී ශාස්ත්‍රීය සංගීතය පිළිබඳවද උපාධිය සම්පූර්ණ කරන ලදී.

2010 වර්ෂයේදී ඇය ඒකපුද්ගල පළමු ප්‍රසංගය පැවැත්වූවාය. ඇය මේ වනවිට Institute of Entrepreneurship and Service අන්තර්ජාතික සබඳතාව පිළිබඳ පීඨයේ පස්වන වසරේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවකි. 2007 වර්ෂයේදී පවත්වන ලැබූ ඉන්දියානු ශාස්ත්‍රීය නර්තන තරගයක්  වන Kathak හි ජයග්‍රාහිකාව ලෙසද ඇය අභිසෙස් ලබා ඇත.
කෙසේ නමුත් මේ වනවිට අන්තර්ජාලයේ ඇගේ ගීතයන් විවිධ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වන අතර, ඇය මේ වනවිට ලෝකයේ ජනප්‍රියත්වට පත් ගායිකාවන් අතර පෙරමුණේ පසුවන බවද කිවයුතුය.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top