Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
"හනි මූන් යන ඔබ දැන සිටි යුතු වැදගත් කරුණු ටිකක් මෙන්න"

how to go for honeymoon shaa gossip - "හනි මූන් යන ඔබ දැන සිටි යුතු වැදගත් කරුණු ටිකක් මෙන්න"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

44,127 Views
මංගල රාත්‍රීය එහෙමත් නැත්නම් හනි මූන් එක අපි හැමදෙනාම වගේ ගත කරන්න ආසාවෙන් ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න දවසක් නේ.අන්න ඒ දවස සාර්ථකව ගත කරන්නේ කොහොමද?අද අපි කතා කරන්න යන්නේ ඒ පිළිබඳව.

සැහැල්ලුවෙන් එයට මුහුණ දීම

පළවෙනිම දේ තමයි මේක වැඩිය ඇගට ගන්නේ නැතුව ඉන්න එක. මංගල රාත්‍රිය කියන එක මහා ලොකුවට ඔලුවට අරන් අමුතුම හැගීමකින් වැඩේට බැස්සොත්
එකේ රසය නැතිවෙලා යනවා. ඔබත් ඉන්දියානු චිත්‍රපට වල , හින්දි නාට්‍ය වල පෙම්වතුන් මංගල රාත්‍රිය සමරන ආකාරය හිතේ පැල පදියම් වුන කෙනෙක් නම් ඒ සිහින ලොවින් මිදිලා සැහැල්ලුවෙන් හා යථාර්තවාදී ලෙස මේ දෙස බැලීම වැදගත්. ඒ මංගල රාත්‍රීය ගත කිරීමට පෙර දෙන්නා අතර හොද සන්නිවේදනයක් තිබීම අත්‍යවශයයි. ඔබගේ සිතේ තිබේ බිය හා ආශාවන් ගැන ඔබේ සහකරු/සහකාරිය දැනුවත් කර තබන්න. ඒ විට ඒවා ගැන සිතමින් අනවශ්‍ය ලෙස සිත කලබල කරගෙන මංගල යහනට ගොඩ වදින්න ඔබට සිද්ද වෙන එකක් නෑ.

මංගල රැයින් පසුව එළඹෙන දිනය නිදහස් එකක් කර ගන්න
මංගල රාත්‍රිය ගත කල පසු එළඹෙන ඊලග දිනය නිදහස්ව ගත කරන්න සිහි තබා ගන්න. ඒ කියන්නේ ඒදාට ලොකු ලොකු වැඩ දාගන්න එපා. දෙන්නත් එක්ක හොටෙල් එකේ හෝ මංගල රාත්‍රිය ගත කල ස්ථානය සතුටු සාමිව්යේ යෙදෙමින් බොහොම ආදරබර ලෙස නිදහසේ ගත කරන්න පුලුවන් දින සැලැස්මක් හදා ගන්න

මංගල රාත්‍රීය හැමදාටම මතක් වෙන එකක් කර ගන්න
ඔබට පුලුවන් මංගල රාත්‍රිය දවසට ඔබේ සහකරුට හෝ සහකාරියට ලස්සන තෑග්ගක් දෙන්න. හැබැයි මේ තෑග්ග ජිවිත කාලයක් පවතින , ලස්සන තෑග්ගක් වෙන්න ඕනේ. එතකොට ඔබේ සහකරුට හෝ සහකාරියට මේ තෑග්ග දකින දකින සෑම වාරයක් පාසාම ඒ ලස්සන මංගල රාත්‍රිය මතක් වේවි. ඒ වගේම මේ සෙනෙහෙබර තෑග්ග ඔබේ පවුල් ජිවිතය ශක්තිමත් එකක් බවට කරාවී.ඊලග කරුණ තමයි මංගල රාත්‍රිය ගත කිරීමට කාමරේ ඇතුලට ගිය ගමන් වැඩ අල්ලන්න ඒපා. දෙන්නා එක්ක ඇදට ගිහින් ගුලි වෙලා බොහොම සෙනෙහෙබර ආදර කතාවක් ආරම්හ කරන්න. බාධක මැදින් විවාහය දක්වා මේ ආපු ගමන හා අනාගතය මොන වගේ වේවි ද කියලා ආරම්භ කරන ආදර බර සංවාදයක් ඔබ දෙදෙනාම නොසිතන මොහොතකදී foreplay එක පටන් ගන්න උත්තේජනය සපයාවි.ඒ වගේම foreplay එක පුලුවන් තරම් දික් කරගන්න උත්සහ කරන්න

අනවශ්‍ය බිය ඇති කර ගන්න එපා
විශේෂයෙන්ම කායිකව එකතු වීමෙදී මනාලියගේ සිදු වන ලේ ගැලීම් වගේ දේවල් ගැන සිතින් අනවශ්‍ය ලෙස බියක් ඇති කර ගත යුතු නෑ. ඒ දේවල් බොහොම මෘදු හා ඉක්මනින් වේදනාව නැති වී යන දේවල්. ඔබට මේ ගැන අසීමිත ලෙස බය නම් මංගල රාත්‍රියට යාමට පෙර ඔබේ දැනටමත් විවාහ වී ඉන්න හොදම යෙහෙළියකගෙන් ඒ ගැන විමසා බිය පහ කර ගන්න.

ඔබේ ශරීරයේ අඩු පාඩු ගැන හිතන්න එපා
මේ ප්‍රස්නේ ගොඩක්ම තියෙන්නේ අපේ කෙල්ලොන්ට තමයි. ඔබ ටිකක් මහත් උනා කියලා ටයර් එකක් දෙකක් තිබුනා කියලා ඒ ගැන දුක් වේවි මංගල යහනට ගොඩ වදින්න එපා. ශරීරය ගැන සිතනවාට වඩා කරන්න යන කටයුත්ත ගැන වැඩි අවධානය යොමු කරන්න. ලිංගිකව කරන්න කැමති දේවල් අකැමති දේවල් ගැන දෙදෙනාම එකීනෙකා එක්ක දැනුවත් වෙන්න. එය ඔබේ මුළු ජිවිත කාලෙදිම දෙන්නාටම හොදින් මතක තියේවි.

ලිංගිකව එකතුවීම අවශ්‍යම නෑ
ඒ වගේම ඔබ මතක් තබා ගත යුතු වැදගත්ම කරුණක් අවසානයට කියන්නම්. මංගල රාත්‍රියේදීම බොහෝ පෙම්වතුන් ලිංගිකව එක වීම කරන්නේ නෑ.ඒ නිසා ඔබට ඒ දේ කර ගන්න නොහැකි වුව හොත් කිසි ලෙසකින් ඒ ගැන දුක් විය යුතු නෑ. එක සාමාන්‍ය දෙයක් පමනයි
Make a Comment
Make a Comment

මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top