Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
03
"බිම් බෝම්බ සොයන මී සේනාවෝ"

bomb disposal Rat s - "බිම් බෝම්බ සොයන මී සේනාවෝ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,438 Views
බිම්බෝම්බ ඉවත් කිරීමට ලොව බොහෝ රටවල් අති නවීන තාක්ෂණික උපකරණවල පිහිට පතද්දී මොසැම්බික්හි බළධාරීන් එම වගකීම පවරා තිබෙන්නේ විශේෂයෙන් පුහුණු කළ මීයන් කණ්ඩායමකට වේ.
මෙම මීයන් බෙල්ජියමේ පිහිටි ඇපෝපෝ නම් රාජ්‍ය නොවන සංවිධානයක් යටතේ බිම්බෝම්බ සෙවීම සඳහා පුහුණු කෙරෙන්නන් වේ.එම සංවිධානයේ නිර්මාතෘ බාර්ට් වීට්ජෙන්ස් පවසන අන්දමට සුනඛයින් තරමටම ගඳ සුවඳ හදුනාගැනීමට මීයන්ට හැකියාවක් තිබෙන අතර බිම්බෝම්බ හඳුනාගැනීමට මීයන් යොදාගත හැකි දැයි පර්යේෂණයක් කර බැලීමට ඔහු යොමුව ඇත්තේ ඒ හේතුවෙනි.‍

වසර ගණනක් කළ පර්යේෂණයන් අවසානයේ සාර්ථක නිමාවක් දැක ඇත. උපකරණයක් තනනවාට,බිම්බෝම්බ සොයාගැනීමට සුනඛයෙකු පුහුණු කරනවාට වඩා පහසුවෙන් හා අඩු මුදලකින් මීයෙකු පුහුණු කළ හැකිවීම නිසාවෙන් බාර්ට්ගේ අපූරු සොයාගැනීමට ඉහළ ඉල්ලූමක් ලැබී තිබෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලින්ය. මොසැම්බික් රාජ්‍යය එරට බිම්බෝම්බ වළ දමා ඇති ස්ථාන හදුනාගැනීමට මෙම මීයන්ගේ සේවය ලබාගෙන ඇත්තේ මේ අයුරිනි.

මී සේනාවට බිම් කඩකට යොමුකර හිස්ලූ අත දිවීමට අවස්ථාවක් නොදෙන අතර ඔවුන් ගෙලෙහි බදින ලද විශේෂ රැහැනකින් පසුසින් එන හමුදා භටයින් හා සම්බන්ධව සිටී. මීයෙකු බිම්බෝම්බයක් වළදමා ඇති ස්ථානයක් ඉවකර හඳුනා ගැනීමෙන් පසු බෝම්බය ඉවත් කිරීම සිදුවන්නේ ඔවුන් අතිනි.
සාමාන්‍ය අවස්ථාවක වර්ග මීටර 200 ක බිම්කඩක් පරීක්ෂා කිරීමට දින පහක පමණ කාලයක් ගතවෙතත් මෙම පුහුණු කළ මීයන්ට ඒ සඳහා ගතවෙන්නේ විනාඩි 20 කටත් වඩා අඩුකාලයක් බව පැවසේ.
මෙම සතුන් නිසා වැරදීම් සිදුවීමට ඇති හැකියාවේ ඉහළ සම්භාවිතාවක් ඇතැයි කෙනෙකුට සිතිය හැකිවුවත් මේ දක්වාම බිම්බෝම්බ වලට හසුව මියගොස් තිබෙන්නේ මීයන් දෙදෙනෙකු පමණක් වීම නිසාත්, මොසැම්බික්හි වළදමා තිබෙතැයි පැවසෙන 13000 ක් පමණ වන බිම්බෝම්බ අතරින් අතරින් අඩකට ආසන්න ප්‍රමාණයක් සොයාදීමට මීයන් සමත්ව ඇති නිසාත් දැනට මෙම සතුන්ගේ හැකියාව කෙරෙහි සැකයක් ඇති කරගත යුතු කරුණක් නැත.
මිනිස් ඛේට සාම්පල ආඝ්‍රාණය කරවා එම සාම්පලයන්ගේ රෝග කාරක තිබෙන්නේ නම් ඒවා හඳුනාගැනීමට මීයන් පුහුණු කළ හැකිදැයි සොයාබැලීමට වෙනම පරීක්ෂණයක්ද ඇපෝපෝ ආයතනය දියත් කර තිබේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top