ගහක් උඩින් ගහක් හැදුන අවස්ථා අපි ගොඩාක් දැකලා තියනවා . එත් කවදාවත් ගඟක් උඩින් ගඟක් යනවා දැකලා තියනවද?
මේක තියෙන්නේ ජර්මනියේ. ජර්මනියේ එල්බෙ කියන ගඟට උඩින් හරස් අතට තමා මේ ගංගාව හදලා තියෙන්නේ.ගඟක් කිව්වට ඇත්තටම මේක ජල පාලමක්. මේක මීටර් 918ක් දිගයි.
කුඩා බෝට්ටු හා නැව් මගින් භාණ්ඩ හා මගීන් හුවමාරු කරන්නත් මේ පාලම යොදාගන්නවා. කොහොම උනත් මේ අපූරු පාලම බලන්න දවසකට ගොඩාක් ජනතාව මෙතනට එනවා.