Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
01
"මිනිසෙකු තමන් විසින්ම නිර්මාණය කරගත් වායු පා යානයකින් ගිනස් වාර්තාවක් තබයි"(Video)

"මිනිසෙකු තමන් විසින්ම නිර්මාණය කරගත් වායු පා යානයකින් ගිනස් වාර්තාවක් තබයි"(Video) - "මිනිසෙකු තමන් විසින්ම නිර්මාණය කරගත් වායු පා යානයකින් ගිනස් වාර්තාවක් තබයි"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

11,395 Views
මෙමගින් මීටර 5ක් උසින් මීටර 275.9ක දුරක් ගමන් කිරීමට හැකි විය. නමුත් මේ වාර්තාව තැබීමට ඔහුට ගමන් කිරීමට අවශ්‍ය වී තිබුනේ මීටර 50ක දුරක් පමණයි.....

කැනේඩියානු ජාතික නිර්මාණකරුවකු කැනේඩියානු විලක් උඩින් මීටර 300ක් දුර අහසින් ගමන් කරමින් නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට සමත්වී තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ සඳහා ඔහු යොදාගත් hoverboard (හුවර්බෝර්ඩ් එක) එහෙම නැත්තන් වායු පා යානය ඔහු විසින්ම නිර්මාණය කරගත් එකක් වීමයි.

මෙහි නිර්මාණකරු වන Catalin Alexandru Duru ගිනස් වාර්තා කණ්ඩායමට ප්‍රකාශ කර සිටියේ මෙය ඕනෑම මතුපිටක් මත සාර්ථකව ක්‍රියාකරන බවයි. ඔහු මෙය ජලය මතුපිට අත්හදා බලා ඇත්තේ වෙනත් මතුපිටක් යොදාගතහොත් යානය ඉතා ඉහල යාමට ඉඩ ඇති බැවිනි.

මෙය පසු ගිය සතියේ මාධ්‍යට නිකුත් කෙරුණු නමුත් මේ වාර්තාව තබන ලද්දේ 2014 අගෝස්තු 24වන දායි. අවසානාවකට මෙන් මෙය ක්‍රියාකරන ආකාරය පිළිබඳව එතරම් තොරතුරු නොමැති අතර මෙය අවර පෙති ආශ්‍රිතව ලබාගන්නා බලයකින් ( propeller-based system ) ක්‍රියාකරන බවට සැලකිය හැක.

මෙය අනෙක් අවස්ථාවලට වඩා විශේෂ වන්නේ අන් අවස්ථා වලදී මෙන් කාන්දම් බල හෝ ජලය භාවිතා නොකිරීමයි. මෙය වෙළඳපොළට මුදා හැරීමේ අදහසක් පිළිබඳව දැනගැනීමට නොලැබුනත් මේ පිළිබඳව ඇති දැඩි උනන්දුව හා කැමැත්ත නිසාම මෙය වෙළඳ භාණ්ඩයක් ලෙසට පැමිණෙතැයි අපේක්ෂා කිරීමට පුළුවන්.

මෙමගින් මීටර 5ක් උසින් මීටර 275.9ක දුරක් ගමන් කිරීමට හැකි විය. නමුත් මේ වාර්තාව තැබීමට ඔහුට ගමන් කිරීමට අවශ්‍ය වී තිබුනේ මීටර 50ක දුරක් පමණයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top