Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
25
"ගමන් මල්ලක් ඇතුලෙන් කුඩා පිරිමි දරුවෙක් හමුවෙලා"

"ගමන් මල්ලක් ඇතුලෙන් කුඩා පිරිමි දරුවෙක් හමුවෙලා" - "ගමන් මල්ලක් ඇතුලෙන් කුඩා පිරිමි දරුවෙක් හමුවෙලා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,669 Views
මේ ගමන් මල්ල රැගෙන යමින් සිටි 19 හැවිරිදි තරුණිය මේ දරුවාට සම්බන්ධ නොවන අතර දරුවාගේ පියා විසින් කුලී පදනම යටතේ ලබා ගත් අයෙකු බවටත් හෙළි වී තිබෙනවා...............
ස්පාඤ්ඤය බලධාරීන් විසින් පසු ගිය සතියේ අයිවරි කෝස්ට් හිදී අවුරුදු 8ක දරුවකු සුට් කේස් එකක් තුල ගුලි වී සිටියදී සොයාගන්නා ලදී. මේ දරුවා සොයාගෙන තිබෙන්නේ ඔහුගේ පියා මේ දරුවා නීති විරෝධිව මොරොක්කෝ සිට සිව්ටා (Ceuta) ප්‍රදේශයට රැගෙන යාමට උත්සාහ කල අවස්ථාවේදී යි. දේශසීමාවේ ඇති ආරක්ෂක උපකරණ වලින් ගත් X කිරණ චායාරූපයකින් ගමන් මල්ල තුල කුඩා දරුවකු ගුලි වී සිටින ආකාරය දැක ගැනීමට ලැබී තිබෙනවා. ඔවුන් වහාම මේ බෑගය විවෘත කිරීමට කටයුතු කර තිබෙන අතර ඒ වන විටත් දරුවා අයහපත් තත්වයකින් පසු වූ බව ආරක්ෂක අංශ නිලදාරියකු පවසා තිබෙනවා.


මේ ගමන් මල්ල රැගෙන යමින් සිටි 19 හැවිරිදි තරුණිය මේ දරුවාට සම්බන්ධ නොවන අතර දරුවාගේ පියා විසින් කුලී පදනම යටතේ ලබා ගත් අයෙකු බවටත් හෙළි වී තිබෙනවා. කෙසේ වෙතත් දරුවාගේ පියා මේ පිළිබඳව අදහස් පල කරමින් පවසා සිටියේ තම දරුවා මෙලෙස ගමන් මල්ලක ගෙනයන බව තමා දැන නොසිටි බවයි.

දරුවාගේ පියා ස්පාඤ්ඤයේ කැනරි දූපත් ආශ්‍රිතව ජීවත් වන අතර ඔහු තම පුතා සමඟ නැවත එකතු වීමට අපේක්ෂා කර ඇති අතර ඒ සඳහා ඔහු ඉදිරිපත් කල ඉල්ලීම නිතිය මගින් ප්‍රතික්ෂේප වූ බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ. සිද්ධියට සම්බන්ධ වූ කාන්තාව එම ස්ථානයේදී ම අත්අඩංගුවට ගැනුණු අතර දේශ සීමාව පසු කර සිටි දරුවාගේ පියාත් පැය කිහිපයකට පසු සොයාගැනීමට හැකි විය.



Ceuta සහ Melilla යනු ස්පාඤ්ඤයට අයත් ප්‍රදේශ දෙකක් වන අතර එම ප්‍රදේශ මොරොක්කෝ වෙරළට ආසන්න අතර ස්පාඤ්ඤ ආරක්ෂක අංශ විසින් දැඩි රැකවල් යොදා ඇති ප්‍රදේශයකි. නමුත් මොරොක්කෝව තවමත් මේ ප්‍රදේශ වලට පරමාධිපත්‍යය කියා පායි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top