Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
06
"අමුතු තාලේ සොහොන් පිටියක්"

"අමුතු තාලේ සොහොන් පිටියක්" - "අමුතු තාලේ සොහොන් පිටියක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,901 Views
මෙය ලෝකයේ ඇති අද්භූත මෝටර් රථ සුසාන භූමියක්...........
මේ ගැන අපිට වාර්තා වෙන්නේ බෙල්ජියමෙන්. මෙය දකින කෙනෙකුට එක්වරම සිහියට නැගෙන්නේ අද්භූත හොලිවුඩ් චිත්‍රපටයක ජවනිකාවක්. මෙය ලෝකයේ ඇති අද්භූත මෝටර් රථ සුසාන භූමියක්. පිහිටලා තියෙන්නේ දකුණු බෙල්ජියමේ , චැටිලන් ගම්මානය ආශ්‍රිත කැලයක. මෙම වනයෙන් හමුවන මෝටර් රථ සියල්ලම පාහේ දිරාපත්වෙමින් තිබුනත් මේවා වසර 70ක පමණ සිට මෙම වනය තුල තිබෙන බවට සැලකෙයි.

චැටිලන් හි මෙම කාර් සොහොනේ ඇති අද්භූත බව නිසාත් ලෝකයේ ඇති මෙවැනි සුසාන භූමි වලින් විශාල එකක් වන නිසාත් මෙය චායාරූප ශිල්පීන්ගේ සහ සංචාරකයන්ගේ ප්‍රබල ආකර්ෂණයට ලක් වන ස්ථානයක් ලෙස සලකන්න පුළුවන්.


මෙම සොහොන් පිටිය කෙසේ ඇතිවූවක් ද යන්න පිලිබඳ නිශ්චිත තොරතුරක් සොයාගැනීමට නොහැකි වූවත් දෙවන ලෝක යුද්ධයේ මතක සටහනක් ලෙසට පිළිගැනේ.



යුධ සමයේ බෙල්ජියමේ සේවය කල ඇමෙරිකානු සොල්දාදුවන්ට මේ වාහන අයත්ව තිබූ බවට සැලකේ. යුද්ධය අවසන් වීමත් සමඟ ඔවුන් සිය ගමරට බලා යන්නට විය. තමන්ගේ මෝටර් රථ සිය රට වෙත ගෙන යාමට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඔවුන් තීරණය කර තිබෙන්නේ මෝටර් රථ මෙම වනයේ සඟවා තබා යෑමටයි.




කවදා හෝ පැමිණ මෙම මෝටර් රථ රැගෙන යාමේ අපේක්ෂාවෙන් මෙම මෝටර් රථ පිළිවෙලට නවතා තබන ලදී.



කාලයේ ඇවෑමෙන් මේ ගැන ඔවුන්ගේ මතකයෙන් ගිලිහි යන්නට විය. කිසිකෙනෙකු මෙම මෝටර් රථ ලබා ගැනීමට නැවත පැමිණියේ නැත.



මෝටර් රථ සියල්ලම අතහැර දැමු කාර් රථ ගාලක් බවට පත් විය.
තවත් සමහරෙක් පවසන ආකාරයට මෙහි ඇති සමහර වාහන පසු කාලයක මෙම ප්‍රදේශයේ සංචාරයේ යෙදුනු ඇමෙරිකානු සොල්දාදුවන්ට අයත් ඒවායි.


මෙම සිදුවීම් මාලාව රසවත් කාතාවක් ලෙස පෙනුනත් ප්‍රදේශයේ ජීවත් වන ගැමියන් දරන්නේ මෙයට වෙනත් අදහසක්. ඔවුන් ඉහත සඳහන් කල සිදුවීම හා එකඟ වීමට මැලි කමක් දක්වයි.

ඔවුන් පවසන අන්දමට මෙම කාර් සොහොන් පිට්ටනිය අබලන් වූ මෝටර් රථ දමා යාමට භාවිත කල භූමියක්. මෙය ඇමෙරිකානු සොල්දාදුවන්ගේ නික්ම යාමත් සමග ඇති වුවක්. වාහන 500ක් පමණ ගොඩගැසූ මෙවැනි සොහොන්පිටි 4ක් පමණ ගම වටා තිබු බවටත් ඔවුන් පවසනවා.


කෙසේ නමුත් කාලයේ ඇවෑමෙන් දිරාපත්වෙමින් පවතින මෙම මෝටර් රථ වැල් වර්ග සහ පාසි වලින් ආවරණය වී වනයට අමුතුම අලංකාරයක් ගෙන දෙයි.
ඇතැම් කාර් රථ දිරාපත් වෙද්දී තවත් සමහරක් රථ එක් එක් පුද්ගලයන් විසින් රැගෙන ගිහින්.



වාර්තා වන විදියට 2010 වසරේ දී , මෙමගින් ඇති විය හැකි පාරිසරික බලපෑම් සලකමින් මෙම රථවාහන ඉවත් කර ඇති බවට පැවසෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top