2,671 Views
ආයෙ කතා දෙකක් නැහැ රාමසාන් කාලයෙදි කිං ඔෆ් බොක්ස්ඔෆීස් වෙන්නේ සල්මන් ඛාන්. ඒ කාලයෙදි සල්මන් එක්ක හැප්පෙන්න එන ඕනෑම තරුවකට වෙන්නේ සිය දිවි නසා ගන්න. ඒත් කිං ඛාන් ශාරුක් තීරණය කරලා ලබන අවුරුද්දෙදි සල්මන්ට තර්ජනයක් වෙන්න. රෝහිත් ෂෙට්ටි අධ්‍යක්ෂණය කරන ෂාරුක් රගපාන චෙන්නායි එක්ස්ප‍්‍රස් නිකුත් කරන්න හදන්නේ 2013 රාමසාන් උත්සවය වෙනුවෙන්. එතකොට සල්මන්ගේ බි‍්‍රන්දාවෝ චිත‍්‍රපටයත් නිකුත් කරන්නේ ඒ කාලෙදිමයි. මේක දකුණු ඉන්දීය චිත‍්‍රපටයක රීමේක් එකක්. තාම වැඩ ඉවර කරලා නැති වුණාට මේ චිත‍්‍රපටයට ලොකු ලොකු ඔෆර් එනවා කියලයි ආරංචිය. මේ ආරංචි ලැබුණට පස්සේ රෝහිත් ෂෙට්ටි සහ ෂාරුක් ඛාන් තීරණය කරලා චෙන්නායි එක්ස්ප‍්‍රස් නිකුත් කරන දවස තව සති දෙක තුනකින් කල් දාන්න. මේක ඇහුවාම ඔබට හිතුනේ ෂාරුක් සල්මන්ට බය වෙලා කියලද ? අපි නම් ඒක දන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට මේක කිං ඛාන්ගෙන් සල්මන්ට ලැබුණු රාමසාන් තෑග්ග වෙන්න පුළුවන්.